728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Thursday, March 29, 2018

ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ]

නමින් මේරි වන ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ. එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “Hit Woman” කෙනෙක්. ඒ වගේම ඇය බොහොම සාර්ථක කෙනෙක්. ඉතින් ඇයට ඝාතනයක් සිදු කරන්න අණ ලැබෙනවා, ඒ මේරි පක්ෂපාති පවුලට ලොකු මුදලක් ණය බුකීකාරයක්ව. මේරි මේ ඝාතනය බොහොම ලේසියෙන් කරලා ඉවර කරනවා, ගෙදර සද්ධයක් ඇහුන නිසාවෙන් ඒ පැත්ත බලනකොට ගෙදර පොඩි කොල්ලෙක්, නමුත් මේ පොඩි එකා මේරිව දකින්නේ නැහැ මේරි පැන යනවා නමුත් මේ සිද්ධිය එකක් මේරි මේ කුඩා දරුවා ගැන හොයන්න පටන් ගන්නවා. ඔහොම යනකොට අනාථ වුන මේ දරුවා තවත් අපරාධ පවුලක මත් ද්‍රව්‍ය බෙදා හරින කොලුගැටයෙක් බවට පත් වෙනවා, බොහොම නරක විදිහට තමයි මෙයාට සලකන්නේ.

දවසක් මේ ළමයා වෙනුවෙන් මේරි පෙනී හිටිය වෙලේ මේරි අතින් මේ පවුලේ කිහිප දෙනෙක් ඝාතනය වෙනවා. එතනින් තමයි යුද්ධය ආරම්භ වෙන්නේ. සතුරු පවුල ඒ වෙනුවෙන් පලිය ගන්න දගලන අතරේ මේරිට සිද්ධ වෙනවා තමුන් වැඩ කරන පවුලෙනුත් මේ කුඩා දරුවා බේරා ගන්න. ඉතින් අපරාධ පවුල් දෙකක දුෂ්ඨයන් එකක් මේරි දරුවා බේරා ගන්නට ගෙනයන සටනතමයි මේ සිනමා පටයේ කතාවට පාදක වෙලා තියෙන්නේ.
2018 වසරේ ජනවාරි 12 වැනිදා නිකුත් වුන මේ චිත්‍රපටය Action, Crime, Thriller කියන කාණ්ඩ තමයි නියෝජනය කරන්නේ. දාවන කාලය වෙන්නේ පැය 1 මිනිත්තු 29 ක්. IMDB අගය නම් 4.9 ක් හැටියට තමයි සඳහන් වෙන්නේ. නමුත් පුර්ව ප්‍රචාරක පටය බලලා ඉන්නකෝඔබ අකමැති වෙන එකක් නැහැ. මොකද මේක අර 90 ගණන් 2000 ගණන්වල මුල ආව කිසිම කතාවක් නැති විශිෂ්ඨ ඝාතකයන් අලලා නිර්මාණය වුන ක්‍රියාදාම චිත්‍රපටයක් වගේ. වෙනසකට තියෙන්නේ ප්‍රධාන චරිතය වෙන්නේ ගැහැණු කෙනෙක් වීම. ඉතින් එහෙම මේරි වෙන්නේ Taraji P. Henson. ඇයට අමතරව මේකේ Billy Brown, Jahi Di’Allo Winston, Danny Glover හා තවත් ලොකු පිරිසක් තිරයේ දැකගන්නට හැකි වේවි.
මේක ඊයේ නිකුත් වුනත් මම උනන්දු වුනේ නැහැ මොකද අපේ ක්‍රියාදාම චිත්‍රපටි කරන්න ඕන තරම් අය ඉන්න එකේ මේක වෙන් කරගෙන ඇති නේද කියලා. ඊයේ රෑ නිකන් වගේ බලනකොට කවුරුවත් අරගෙන තිබ්බේ නැහැ ඉතින් එහෙම්ම වැඩ පටන් ගත්තා. සිසිල් සහෝ ස්තුතියි කිව්ව සැනින් පින්තුරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එහෙනම් බලන්න මේරි කොහොම සටනක් දේවිද කියලා තමුන් නිසාවෙන් අනාත වුන ඒ කුඩා දරුවා බේරා ගන්නට…. ආයෙත් උපසිරසක් එකක් හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා !!!

ඝාතකයෙකුගේ පළිගැනීම…. [සිංහල උපසිරැසි සමඟ] Reviewed by GOOD FM on March 29, 2018 Rating: 5 නමින් මේරි වන  ඇය තමයි බොස්ටන් අපරාධ පවුලක ප්‍රධාන ඝාතකයා වෙන්නේ . එහෙමත් නැත්නම් අපි දන්නා හැටියට කියනවා නම් ඇය “ Hit Woman ” කෙනෙක්. ඒ ...

Labels:

Reactions:

[Movies][carousel1]

No comments: