උතුරේ දෙමළ ජාතික හරිත සංවිධානය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා අතින් විවෘත විණි.
උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය ඩෙනීස්වරන් මහතා විසින් ආරම්භ කරන ලද මෙම හරිත සංවිධානයේ ප්‍රධාන කාර්යාලය යාපනයේ කන්දාර්මඩි ප්‍රදේශයේ පිහිටුවා තිබේ.
මෙම මධ්‍යස්ථානයට සතියකට වරක් ප්‍රදේශවාසීන් කණ්ඩායම් වශයෙන් කැඳවා හරිත ව්‍යාපාරයක ඇති වැදගත්කම ඔවුන්ට පැහැදිලි කොට දීමටත්,එම වැඩ මුළු සඳහා සහභාගිවන සියළුම දෙනාට විවිධ වර්ගයේ පැල වර්ග නොමිලේ ලබාදීමටත් උතුරේ දෙමළ ජාතික හරිත සංවිධානය බලාපොරොත්තු වෙයි.
No comments: