728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Thursday, March 29, 2018

‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නොබෙදෙන ආකාරයේ තීන්දුවක් ගැනීම සදහා සාකච්ඡා කරන බව එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්, ධීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද( 28 ) දහවල් දිවුලපිටියේදී පැවසීය.
අමරවීර මහතා මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් සභාව මගින් රුපියල් ලක්ෂ 550 ක වියදමින් ඉදිකරනු ලැබු  දිවුලපිටිය නව බස් නැවතුම්පල විවෘත කිරීමේ අවස්තාවේදී අදහස් දක්වමිනි.
වැඩිදුර අදහස් දැක්වු අමරවීර මහතා මෙසේද කීය.
අද බොහෝ දෙනෙක් අහන්නේ විශ්වාස භංගෙකුත් එනවා. මොකක්ද වෙලා තියෙන්නේ කියලයි. අද මේ දවස්වල රටේ ව්‍යාකූල තත්ත්වයකුත් ඇති වෙලා. මැතිවරණයෙන් හා විශ්වාස භංගයෙන් පසුව රටේ පසුබෑමක් ඇතිවෙලා තියෙන බව අපිට පිළිගන්න වෙනවා. මෙහෙම දිගට යන්න පුළුවන් කමක් නැහැ. 
අපි අද පක්ෂයක් විදියට මේ විශ්වාස භංගය පිළිඳව කුමන ආකාරයේ තීන්දුවක් ගන්නවාද කියා අපි සාකච්ඡා කරගෙන යනවා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බෙදෙන තීන්දුවක් ගන්න අපි බලාපොරෙත්තු වෙන්නේ නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එක තීන්දුවකට යන්න තමයි අපේ උත්සාහය තියෙන්නේ. ඒ පිළිබදව මතයක් සංධානයේ ලේකම්වරයා විදියට මම ඉදිරිපත් කරන එක වැරදියි. 
පක්ෂය සාකච්ඡා කරලා රටට හොද තීන්දුවක් ජනතාවට බලාපොරොත්තුවෙන තීන්දුවක් අපි ගන්නයි බලාපොරෙත්තු වෙන්නේ. අපට පක්ෂයටද දේශපාලනයට වඩා රට ගැන හිතන්න අපිට යුතුකමක් තිබෙනවා. මේ රට ඉස්සරහට ගෙනයාමේ වගකීම අපිට පැවරිලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව බොහෝ කල්පනා කරලා මේ තීන්දු ඉදිරියේදී ගන්න බලාපොරොත්තු වෙන්නේ. 
මේ තියෙන අස්ථාවරභාවය මේ තියෙන තත්ත්වය රටට එතරම් හිතකර වෙන්නේ නැහැ. අද තිබෙන තත්ත්වය තුළ ආයෝජන කරන්න ඉන්න අය පසුගාමී වෙනවා. ඒ වගේම රටේ ඉදිරි කටයුතුවලට බාධාවක් වෙනවා. මේ තත්ත්වය විසඳා  හතර වැනිදායින් පස්සේ රට ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය වෙන තීන්දු ගැනීමත් වැදගත් වෙනවා. 
මෛතී‍්‍රපාල සිරිසේන ජනපතිතුමා හැම වෙලාවෙම කටයුතු කරන්නේ මේ රට මූලික කරගෙන කටයුතු කරන්නයි. රටට ආදරය කරන නායකයෙක් විදියට වංචාවට දූෂණයට විරුද්ධ නායකයෙක් විදියට අද මේ මුළු රටට මෙන්ම ලෝකයම පිළිගන්නවා.
‘විශ්වාසභංගයත් සමඟ රට ව්‍යාකූල වෙලා‘- මහින්ද අමරවීර Reviewed by Bimal Jayasooriya on March 29, 2018 Rating: 5 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගයේදී රට හා ජනතාව බලාපොරොත්තු වෙන, දේශපාලනයට වඩා රට ගැන හිතන, ශී‍්‍ර ලංකා ...

Labels:

Reactions:

[politics][carousel1]

No comments: