728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Thursday, March 29, 2018

නඩුව ප්‍රතික්ෂේප වෙයි

වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා දී ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සෞදි අරාබිය සහාය දැක්වූ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන නඩු ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීමක් ඇමෙරිකා එක්සත් ජනපද විනිසුරුවරයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරයට සෞදි අරාබිය සහාය දැක්වූ බවටත් සෞදි අරාබිය වින්දිතයන්ට ඩොලර් බිලියන ගණනින් වන්දි මුදල් ගෙවිය යුතු බව සඳහන් කරමින් එම නඩු ගොනු කර තිබේ.
සෞදි අරාබියට එරෙහිව ගොනු ඉවත් කරන්නැයි කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද්දේ මෑන්හැට්න් හි ඇමෙරිකා එක්සත් ජනපද දිස්ත්‍රික් විනිසුරු ජෝර්ජ් ඩැනියෙල්ස්. ඇමෙරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට සහාය දැක්වීමේ පනත යටතේ සෞදිය අරාබිය ප්‍රහාරයට සහාය දැක්වූ බවට චෝදනා කිරීමට ප්‍රමාණවත් නෛතික කරුණු තිබෙන බවත් පැමිණිලිකරුවන් එය සැලකිය යුතු පදනමකින් කරුණු ඉදිරිපත් කර තිබෙන බවත් විනිසුරුවරයා කීය.
කෙසේ නමුත් සෞදි රජය දිගින් දිගටම එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි. ත්‍රස්තයන්  පැහැර ගන්නා ලද ගුවන් යානා නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට, වොෂින්ටනයෙන් එපිට පිහිටි පෙන්ටගන් ගොඩනැගිල්ලට කඩා වැදීමට සැලැස්වූ අතර තවත් යානයක් පෙනිසිල්වේනියාවේ ස්ථානයකට කඩා වැටිණි. මෙම ප්‍රහාරවලින් 3,000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
සෞදි අරාබිය වෙනුවෙන් පෙනි සිටි නීතිඥයන් විනිසුරුවරයාගේ තීන්දුව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ නොකළ බව ද වාර්තා විය. 
නඩුව ප්‍රතික්ෂේප වෙයි Reviewed by GOOD FM on March 29, 2018 Rating: 5 වසර 2001 සැප්තැම්බර් 11 වැනිදා දී ඇමෙරිකා එක්සත් ජනපදයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සෞදි අරාබිය සහාය දැක්වූ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන න...

Reactions:

Previous
This is the most recent post
Older Post
[walikathara][carousel1]

No comments: