728x90 AdSpace

Hot news

[Video][ticker2]

test 4

[sports][magazine1][#8e44ad]
Thursday, March 29, 2018

මලාලා ආපසු එයි

දැරිවියන්ගේ පාසල් යෑමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීම නිසා තලේබාන් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ මලාලා යුසුෆ්සායි වසර හයකට පසු නැවත පාකිස්තානයට පැමිණ සිටින්නීය.
මලාලා පාකිස්තානයට පැමිණ ඇත්තේ අද, බ්‍රහස්පතින්දා (29) උදෑසනය. ආරක්ෂක රථ පෙළක් ද සමගින් ඇය ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටත්ව යන අයුරු දැක්වෙන රූප රාමු කිහිපයක් පාකිස්තානය ‘ජී.ඊ.ඕ ටීවි’ රූපවාහිනි සේවය විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි.
අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද සටන විශේෂයෙන් දැරිවියන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සටන් කළ මලාලා අඩුම වයසකින් නොබෙල් සාම ත්‍යාගය දිනාගත් තැනැත්තියද වන්නීය. නොබෙල් සාම ත්‍යාගය දිනාගන්නා විට ඇගේ වයස අවුරුදු 17කි.
මේ වනවිට 20 වන වියේ පසුවන මලාලා 2012 වසරෙන් පසු පාකිස්තානයට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. පාසලේ සිට නැවත නිවස බලා යමින් සිටියදී, ඇය ගමන් රථය වට කළ තලේබාන් තුවක්කුකරුවන් එම බස් රථයට වෙඩි තැබීය. එහිදි මලාලාගේ හිසට වෙඩි වැදුණු අතර ඇය ශල්‍යකර්මයකට ද මුහුණ දුන්නාය. එම අවස්ථාවේදී ඇය වෙනුවෙන් බ්‍රිතාන්‍යය ඉදිරිපත් වූ අතර එවකට බි්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්ගේ මැදිහත් වීමෙන් ඇය බ්‍රිතාන්‍යයට ගෙන්වා ගන්නා ලදි.
මලාලා ආපසු එයි Reviewed by GOOD FM on March 29, 2018 Rating: 5 දැරිවියන්ගේ පාසල් යෑමේ අයිතිය වෙනුවෙන් පෙනි සිටීම නිසා තලේබාන් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ මලාලා යුසුෆ්සායි වසර හයකට පසු නැවත පාකිස්තා...

Reactions:

[walikathara][carousel1]

No comments: