ඩුබායි හි ඔටුන්න හිමි කුමරු වන ෂෙයික් හම්දාන් බින් මොහොමද් බින් රෂීඩ් අල් මොක්ටුම් මේ දිනවල නැගෙනහිර අප්‍රිකා සංචාරයක නිරත වෙමින් සිටීම ගැන සමාජ මාධ්‍ය වල දැඩි අවධානයක් යොමු කර ගෙන තිබේ.
ඉකුත් 20 වැනිදා සිට නැගෙනහිර අප්‍රිකා සංචාරය ඇරඹූ හම්දාන් කුමරු ජාත්‍යන්තර සතුටු දිනයේදී ප්‍රධාන පෙළේ අප්‍රිකා භාෂාවක් වන ස්වාහිලී භෂාවෙන් ‘‘ කුවෙනි නෆුරහා ‘‘යනුවෙන් සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමෙන් සුබ පතා සටහනක් යෙදීම හරහා ඔහු මෙම සංචාරයේ නිරතව සිටන බව දැන ගන්නට ලැබිණි.
ඉන්පසුව දිගින් දිගටම සිය අප්‍රිකා සංචාරයේ සිදු කරන ක්‍රියාකාරකම් සියල්ලක්ම හෙතෙම ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමට කටයුතු කළේය.ටැන්සානියාවේ සංචාරය කළ හෙතෙම එහිදී ගෝත්‍රික කාන්තාවක හා විනෝදයෙන් එක්ව ගීත ගායනා කරන අයුරැ දැක්වෙන් වීඩියෝ පටයක් ,එරට ප්‍රමඛ පෙළේ වනාන්තරයක් වන සෙරින්ගෙටී හි ජාතික සත්ව උද්‍යානයේ වන සංචාරයක නිරත වන අයුරුද , ටැන්සානියාවේ අපූර්ව සොබා සෞන්දර්යයෙන් යුත් ස්ථානයන්හි වීඩියෝ පට සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට හම්දාන් කුමරු අමතක නොකළේය.
No comments: